Wednesday, May 21, 2025

General line - 0115112241

නීතිවිරෝධී දුම්වැටි 33,000ක් සමග පුද්ගලයෙක් STF භාරයට



නීති වීරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු මීගමුව, ලයිට් මෝල් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. 

එම වැටලීමේදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි 33,000ක් සහ යතුරුපැදියක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි අළුපොත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගමුව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.