Wednesday, May 21, 2025

General line - 0115112241

ලුණු තොග සඟවා සිටින වෙළඳුන් සොයා වැටලීම්



අනවශ්‍ය ලෙස ලුණු තොග රැස්කර නොගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යළිත් වෙළෙන්දුන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා. 

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ අනවශ්‍ය ලෙස ලුණු තොග රැස්කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බවයි.


වෙළඳපොල තුළ යම් ලුණු හිඟයක් පැවතිය ද ලුණු ආනයනය කිරීමෙන් පසු එම තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ.