Wednesday, May 21, 2025

General line - 0115112241

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්



සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට 23 වනදා දක්වා තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.   

ඒ, කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.    

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, සියයට 30 ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම  සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයින පුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

අදාළ සේවාවන් ලබා ගැනීමට 011 220 12 01 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බවයි කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ.