Wednesday, May 21, 2025

General line - 0115112241

ලංවිම යෝජනාවට උපයෝගිතා කොමිසම ජනතාවට දුන් අවස්ථාව



විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට අදාළව ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

ඒ අනුව ජූනි 05 වනදා දක්වා එම අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.

පළාත් මට්ටමෙන් පැවැත්වෙන මහජන උපදේශන වාචික සැසි සඳහා විදුලි පාරිභෝගිකයන්ට සහභාගී වීමට අවස්ථාව සලසන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විදුලි ගාස්තු සියයට 18යි දශම තුනකින් ඉහළ නැංවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර තිබුණා. 

ඒ, පිරිවැය පියවාගැනීම සඳහා බවයි එම මණ්ඩලය පැවසුවේ. 

ඒ අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.