Friday, May 23, 2025

General line - 0115112241

රටේ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ විපක්ෂය සමග - කාවින්ද ජයවර්ධන



අද වන විට රටේ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ විපක්ෂය සමග බව දැන් ඔප්පු වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ පොදු විපක්ෂයක් ලෙස එක්වී එම ජන කොටස නියෝජනය කිරීමට කටයුතු කළ යුතු බවයි.

සමගි ජන බලවේගය ඇතුළු සියලුදෙනා එක මතයක පිහිටා කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.