ලංකා ලුණු සමාගම ඇනවුම් කළ ලුණු තොග මෙරටට පැමිණීම හෙට දිනය තෙක් ප්‍රමාද වී තිබෙනවා. ලංකා ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ ඉන්දියාවේ සිට ලුණු තොග රැගත් නෞකාවක් ඊයේ දිනයේදී මෙරටට ළඟා වීමට නියමිතව තිබූ බවයි.
කෙසේවෙතත් කාලගුණ ගැටලු සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් ලුණු තොග රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණීම හෙට රාත්‍රිය තෙක් ප්‍රමාද වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් පෞද්ගලික අංශය මගින් ඇනවුම් කළ ලුණු තොග ඊයේ දිනය වන විට මෙරටට ලැබී තිබූ බවයි ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා නෙත් නිවුස් සිදුකල කරුණු විමසීමකදී කියා සිටියේ.
මේ අතර පවතින ලුණු හිඟය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා.
ඒ, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ලුණු හිඟය සම්බන්ධයෙන් සිදුකල අදහස් දැක්වීමක් සම්බන්ධවයි.
එහිදී අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමචන්ද්‍රන් අර්චුනාට චෝදනාවක් එල්ල කළේ මෙලෙසයි.
ඊට රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
ඔවුන් දෙදෙනා අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් උණුසුමු වාද විවාද ඇති වුණේ මෙලෙසයි.