Wednesday, May 28, 2025

General line - 0115112241

අද, කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්



අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

ඒ අනුව අද පෙරවරු 08 සිට රාත්‍රී 08 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

කොළඹ 01 සිට 15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.