Thursday, May 29, 2025

General line - 0115112241

විමල් වීරවංශගේ නඩුවක් කල් යයි

උදය කුමාර



අධිකරණයට ඉදිරිපත් කර සිටින  හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහි නඩුව ජුනි මස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

ඒ අනුව අදාළ නඩුව ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම වුණා. 

මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස පියසරි විජේනායක, මොහොමඩ් මුසාමිල්, රොජර් සෙනෙවිරත්න, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.