2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් සීමා පිළිබඳ වාර්තා ලබා දීමට තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියට පෙර අදාළ වාර්තා භාර නොදෙන අපේක්‍ෂකයින් සහ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ තොරතුරු පොලීසිය වෙත භාර දෙන බවයි.
මේ අතර පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සහ නම් කර සිටින අපේක්‍ෂකයින්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කරුණු දැක්වුවා.
ආදායම් වියදම් වාර්තා නියමිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මන්ත්‍රී ධුරය පවා අහිමි විය හැකි බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ.