Thursday, May 29, 2025

General line - 0115112241

ඉන්දියාවේ ආරක්ෂක උපදේශක රුසියාවට



ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියාවේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ මොස්කව්හි පැවැත්වෙන ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ 13 වන රැස්වීමට සහභාගී වීමට ඔහු ලබන සතියේ එලෙස රුසියාවේ සංචාරය කරනු ඇති බවයි.

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී විවිධ ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි. 

ඉන්දු-පකිස්තාන ආතතීන්, රුසියාව සමඟ ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා මෙන්ම පකිස්තානයට එරෙහිව ඉන්දියාව ආරම්භ කළ සින්දූර් මෙහෙයුමෙන් අනතුරුව මෙම සංචාරය සිදුවේ.

එමෙන්ම රුසියාවේ සිට ඉන්දියාවට S-400 පද්ධති අඛණ්ඩව බෙදා හැරීම මධ්‍යයේ ද මෙම සංචාරය වාර්තා වේ.

ඉන්දියාව මේවනවිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ද සංචාරයක් සඳහා ආරාධනා කර ඇති අතර රුසියාව එම ආරාධනය පිළිගෙන තිබිණි.

එහෙත් එම සංචාරය සිදු කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් වාර්තා වී නැහැ.