Friday, May 30, 2025

General line - 0115112241

කන අය වැඩිද? කන විදිහ වැරදිද? - රටේ අධි බර පිරිස සීඝ්‍රයෙන් ඉහළට



මෙරට ජන ගහනය අතර අධිබර පිරිස සීඝ්‍රයෙන් වැඩිවන තත්ත්වයක් දැකගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ, පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ මහත්මිය පවසනවා. 

ඇය සඳහන් කළේ බෝ නොවන රෝග ව්‍යාප්තියට ද මෙම තත්ත්ව දැඩි බලපෑමක් කර ඇති බවයි.


අධිබර තත්ත්වයට නොයා සිටීමට අනුගමනය කළ යුතු පියවර මොනවාද?


මිල අධික පලතුරු වෙනුවට ගෙවත්තෙන් සොයා ගන්නා පලතුරුවලින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් සොයාගත හැකි බවයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ මහත්මිය සඳහන් කළේ.


අවුරුදු 13ත් 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පාසල් ළමුන්ගෙන් සියයට 25ක් පළතුරු ආහාරයට නොගන්නා බවත් වැඩිහිටියන්ගෙන් සියයට 68ක් නිසි ප්‍රමාණයට පෝෂදායී ආහාර වේලක් ලබා නොගන්නා බව නෙත් නිවුස් අද උදෑසන අනාවරණය කළේ නවතම සමීක්ෂණයක තොරතුරු උපුටා දක්වමින්.