ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් අපවත් වුණා.
ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.
දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කල උන්වහන්සේ මෙරට තරුණ ප්‍රජාව ආගමානුකුල මාර්ගයට යොමුකිරිම සඳහා මහත් පරිශ්‍රමයක් දරුවා.
නෙත් එෆ් රේඩියෝවටද ආරම්භක අවධියේ සිටම ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සම්බන්ධ වුනා.
එමෙන්ම නෙත් එෆ් එම රේඩියෝව වාර්ෂිකව සිදුකරන කතිනමහ පිංකම ආරම්භ කරන ලද්දේද පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් විසින් නිර්මාණය කල දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානදීයි