හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.
රන් ආලේපිත මෙම ටී-56 වර්ගයේ ගිනිඅවිය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළවයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ.