Sunday, June 1, 2025

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් IPL අවසන් සටනට ළං වෙයි



2025 අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ, තියුණු තරඟයකින් අනතුරුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත් කරමින්. 

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 228ක් රැස් කළා. 

රෝහිත් ශර්මා පන්දු 50කදී ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 09ක් සහ හයේ පහර 04ක් ද සමගින්. 

ජොනී බැරිස්ටෝව් පන්දු 22කදී ලකුණු 47ක් රැස් කළා. 

ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 208ක් පමණයි. 

ආරම්භක පිතිකරු සායි සුදර්ශන් පන්දු 41කදී ලකුණු 80ක් රැස් කළා. 

වොෂිංටන් සුන්දර් පන්දු 24කදි ලකුණු 48යි. 

කුසල් මෙන්ඩිස් පන්දු 10කදී ලකුණු 20ක් රැස් කළ අතර ඔහු දැවී ගියේ සිය පිත්ත කඩුල්ලේ වැදීම හේතුවෙන්. 

ඒ අනුව මෙම තරඟය ජය ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර අයි පී එල් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා. 

එම තරඟය හෙට පැවත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ පංජාබ් කින්ග්ස් කණ්ඩායම අතරයි. 

මෙම තරඟය ජය ගන්නා කණ්ඩායමට ලබන 03 වනදා පැවැත්වෙන 2025   අයි පී එල් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා. 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දැනටමත් එම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.