Monday, June 2, 2025

General line - 0115112241

නැන්දම්මාට පහර දෙන්න ආ මස්සිනාට පෙර ඉස්සර වූ මස්සිනා.

ජයන්ත වීරසේකර



නැන්දම්මාට පහර දෙන්න ආ මස්සිනාට පෙර ඉස්සර වූ මස්සිනා.

වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ මුගුරකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 

මියගිය පුද්ගලයා සිය මවට පොරවකින් පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඔහු සිය මවට පහරදීමට යාමේදී එය දුටු එම කාන්තාවගේ බෑණා විසින් එම පුද්ගලයාට මුගුරකින් පහර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එම පහරදීමෙන් අදාළ  පුද්ගලයා නිවස තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඌව කුඩාඔය පොලීසිය පැවසුවා. 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු හතළිස් පහක දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයා ඔහුගේ මවගේ නිවසේ ජීවත් වූ අය සමග අවස්ථා කිහිපයකදී අඩදබර ඇති කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 

එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලායාගේ මස්සිනා වන හතළිස් පස් හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.