පකිස්ථානයට එරෙහිව මෙම මස මුල් භාගයේදී ඉන්දියාව ක්‍රියාත්මක කළ සින්දූර් මෙහෙයුමේදී සිය ප්‍රහාරක ජෙට් යානා යම් සංඛ්‍යාවක් අහිමි වූ බව ඉන්දීය ආරක්‍ෂක අංශ පළමුවරට තහවුරු කළ බව බ්ලූම්බර්ග් රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.
ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අනිල් චෞහාන් සමග බ්ලූම්බර්ග් රූපවාහිනිය පැවත්වූ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණවූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේවෙතත් පකිස්ථානය විසින් ඉන්දීය ප්‍රහාරක යානා 06ක් බිඳ හෙලූ බවට සිදු කෙරෙන ප්‍රකාශයන් සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශ බවද ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා පවසා තිබෙනවා.
එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ වැදගත් වන්නේ ජෙට් යානා බිඳහෙළීම නොව ඉන්දීය ආරක්‍ෂක අංශ එවැනි ප්‍රහාරයක් එල්ල කළේ හේතුව කුමක්ද? යන්නයි.
දින කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ සින්දූර් මෙහෙයුමේදී පකිස්ථානය චීනයෙන් අත්පත් කරගත් ප්‍රහාරක ගුවන් යානා භාවිත කරගනිමින් ඉන්දීය ජෙට් යානයක් ප්‍රහාර එල්ල කර බිඳහෙළු බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් සින්දූර් මෙහෙයුමේදී සිය ප්‍රහාරක ජෙට් යානා කිසියම් ප්‍රමාණයක් අහිමි වූ බව පළමුවරට තහවුරු කළේ මෙහිදී වීම විශේෂත්වයක්. එහෙත් අහිමි වූ යානා සංඛ්‍යාව කොපමණද යන්න ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙහිදී අනාවරණ කර නැහැ.