Saturday, December 7, 2019
Hotline - 0770586666

ජනාධිපති අපේක්ෂකයා කවුද කියා මම කියලා නැහැ තාම : විපක්ෂ නායක කියයි

996Views




ජනාධිපතිවරණය සඳහා සිය පාර්ශවයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි තමන් තවමත් ප්‍රකාශ කර නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා ඒ බව පැවසුවේ ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේදැයි මාධ්‍යවේදියෙකු අද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් කෙරෙන යෝජනා හුදු ප්‍රකාශ පමණක් බවද විපක්ෂ නායකවරයා පැවසුවා. එවැනි යෝජනාවක් සත්‍ය වශයෙන්ම ඉදිරිපත් වුවහොත් ඊට සහය දෙන්නේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ යෝජනාව ඉදිරිපත් වූ පසු ඒ පිළිබඳ විමසා බැලිය හැකි බවයි. 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (21) පැවති ඉන්දියානු වර්ල්ඞ් අයිකන් සම්මාන උළලෙන් පසුවයි මාධ්‍යවේදීන් විපක්ෂ නායකවරයාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළේ.