Friday, April 19, 2024

General line - 0115112241

රත් හඳුන් කිලෝ 970ක් මග්ගොනදී පොලිස් දැලේ

2128

රුපියල් ලක්ෂ 14කට වඩා වැඩි වටිනාකමකින් යුත් රත් හඳුන් කඳන් තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු මග්ගොන මුහුදු වෙරළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒවායේ බර කිලෝ ග්‍රෑම් 970ක්. ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙම කඳන් තොගය මෙරටට රැගෙන ආ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ්. 

මෙම රත් හඳුන් තොගය මෙරටට ගෙන ඒමට යොදාගත් බෝට්ටු 3ක් සහ ඒවා ප්‍රවාහනයට සැළසුම් කර තිබූ කුඩා ලොරි රථ 2ක් ද පසුව සොයා ගැණුනා. 

කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ෂණ අංශය මෙම වැටලීම සිදු කළා. 

 

SHARE

You may also like