Thursday, April 25, 2024

General line - 0115112241

ආරක්ෂාවට හැංඟුන තැන සැඟව සිටි මරුවා සිසුවාගේ ජීවිතය බිලි ගනි (VIDEO)

1757

අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් වූ පුවතක් වාර්තා වුණේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයෙන්.

ඒ වසය අවුරුදු 16ක් වු පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක්.

පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පදිංචි ජානක කුමාර නම් සිසුවා අධ්‍යාපනය ලැබුවේ මාවතගම කනෂ්ඨ විදයාලයේ 11 වන ශ්‍රේණියේයි.

ලබන මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතව සිටි ජානක කුමාර බලාපොරොත්තු රැසක් පොදි බැඳන් විභාගයට සූදානම් වුණා.

එසේ සිටියදී 16 වියේ පසුවුණු ජානකට පෙම්වතියක් ද සිටියා.

එය පාසල් අවදියේ පෙමක් වූවත් පසුගිය 18 වනදා ජානක සහ ජානකගේ පෙමිවතියත් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නවා තැනේ කාලය ගත කර තිබෙනවා.

කෙසේ හෝ මෙම සිද්ධිය දැන ගත් පෙම්වතියගේ ඥාතීන් ජානක සොයා ගොස් බැද වැදීමට උත්සහ කළ ද ඔහු මුණ ගැසුනේ නැහැ.

ඔහුගේ මිතුරෙකුට මේ සම්බන්ධයෙන් කියා බැන වැදී ඇති අතර එය දැනගත් ජානක ඔහුගේ පෙම්වතියගේ ඥාතීන්ට බියේ නැවතත් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ වූ මිතුරාගේ ගමට ගොස් තිබෙනවා.

ඉන් පසු ඔහුගේ මිතුරාගේ ගල් වැඩපල අසල තිබු කැළැවක සැඟව සිටි ජානකගේ ඇඟට ගලක් පෙරලීමෙන් අවාසනාවන්ත ලෙස මිය ඊයේ (19) ගියා.

 

SHARE

You may also like