Saturday, April 20, 2024

General line - 0115112241

ජීවිත පුජාවෙන් රැකගත් රට විනාශ වෙන්න ඉඩ දෙන්නේ නෑ.. - ගෝඨාභය කියන දේ

2372

ජීවිත පුජාවෙන් ආරක්ෂා කර ගත් ඒකීය රට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් විනාශ වීමට ඉඩ දිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාව දැනුවත් කරන “එළිය“ සම්මන්ත්‍රණ මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ඊයේ (19) කෑගල්ල නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පැවැත් වු අතර එම සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් රාජපක්ෂ මෙම අදහස් පළ කළේ.

විවිධ දේශපාලන පක්ෂවලට අයත් රජයන් හා ජනාධිපතිවරුන් ත්‍රිවිධ හමුදාව පාවිච්චි කර ත්‍රස්ථවාදය පරාජය කළ බවත්, සෑම පළාතකම සිටි තරුණයින් විශාල සංඛ්‍යාවක් ජිවිත පුජා කළ බවත්, එවැනි කැප කිරීමක් සිදු කර දිනා ගත් ඒකීය රාජ්‍ය විනාශ කර දැමීමට කිසිවිටෙකත් ඉඩ දිය නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.

වසර 30ක් තුළ සිටි ළමා සොල්දාදුවන්ට නොලැබුණු අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත්, වසර ගණනාවක් තුළ එල්.ටී.ටී.ඊ විනාශ කරපු ඔවුන්ගේ චින්තනය වෙනස් කර සාමාන්‍ය ජන ජීවිතයට පුරුදු කිරීමෙන් පමණක් සංහිඳියාව රට තුළ ඇති කළ හැකි බවත් කියාසිටියා.

එසේ නොමැති බෙඳුම්වාදී දේශපාලඥයන්ට අවශ්‍ය බලය බෙදීම තුළින් කිසිවිටෙකත් සංහිඳියාව ගොඩ නොනැගෙන බව ද ඔහු සඳහන් කළේ.

SHARE

You may also like