Friday, March 29, 2024

General line - 0115112241

පළා ආ සොල්දාදුවාට වෙඩි ප්‍රහාර 40ක් එල්ල වූ හැටි (VIDEO)

4480

උතුරු කොරියාව අත්හැර දේශසීමා හරහා දකුණු කොරියාව වෙත පළා එමින් සිටියදී උතුරු කොරියානු ආරක්ෂක අංශවල වෙඩි පහරට පස් වතාවක් පමණ ලක්ව තිබූ සොල්දාදුවා මේ වනවිට සුව අතට පත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතියේදී එරට සුප්‍රසිද්ධි දේශසීමාවක් හරහා ඔහු දකුණු කොරියාව දෙසට පළා එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුණා. 

එහිදී වෙඩි ප්‍රහාර 40ක් පමණ ඔහු දෙසට එල්ල කර තිබුණත් ඔහුගේ ශරීරයට හානි කර තිබුණේ වෙඩි ප්‍රහාර පහක් පමණයි.

ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

SHARE

You may also like