Thursday, April 25, 2024

General line - 0115112241

බාධක මැද නවවැනි යොවුන් පුරයට සියල්ල සූදානම්

1449

යොවුන්පුර 2018 වැඩසටහන සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ  කාලගුණය සහ පරිසරය මගින් ද මෙහිදී විවිද බාධක ඇති වූ බවයි. 

රටපුරා සිටින විවිද ජාතීන්ට අයත් තරුණ තරුණියන් 7000කට  පමණ එකම ස්ථානයකට රැස්ව විවිධ ක්‍රියාකාරකම් කිරීම  සඳහා පසුබිම සැකසීම ඉතා අපහසු කටයුත්තක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

නව වැනි යොවුන් පුරය වැඩසටහන මාර්තු මස 28 වන දින නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව  තිබෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් සහයෝගය ලබා දෙන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා කියා සිටින්නේ.

SHARE

You may also like