Thursday, April 17, 2025

General line - 0115112241

හවායි දූපතේ ගිනිකන්දේ තවත් බිහිසුණු වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

13746

හවායි දුපතේ පිහිටි "කිලෙආයු" ගිනිකන්ද පසුගියදා සක්‍රිය වීමත් සමග භූකම්පන කිහිපයක් සිදුව තිබුණා.

එහිදී ඇති වූ පොළවේ පැලීම් තුළින් ලාවා පිටතට ගලා ඒමක් සිදු වූ අතර විදෙස් මාධ්‍ය ඔස්සේ එම දර්ශන දැකගන්නට හැකි වුණා.

මේ වන විටත් හවායි බිග් අයිලන්ඩ් දුපතේ පදිංචිව සිටින පුද්ගලයින් 2000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට බලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලාවා වලට හසු වූ නිවාස රැසක්ද විනාශ වී ගොස් තිබෙනවා.

එවැනි තවත් අති බිහිසුනු දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හවායි පාර ඔස්සේ ලාවා ගලා යන අතර මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් ලාවාවලින් ගිල ගන්නා අයුරුයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like