Saturday, April 20, 2024

General line - 0115112241

අනුකම්පා විරහිත වලසාගේ ප්‍රහාරය (VIDEO)

3836

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේදී වලසෙකුගෙන් එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් 55 හැවිරිදි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. 

සිය බිරිඳ සමග ගමනක් යමින් සිටියදී මෙම පුද්ගලයාට වලසා ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහුගේ දිවි බේරා ගැනීමට හැකිවී තිබෙන්නේ අසල්වැසියන් පිරිසක් පැමිණ වලසාට එල්ල කළ ප්‍රහාරයෙන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කෝපයට පත් ගම්වැසියන් සිදුකළ පහර දීමෙන් වලසා මිය ගොස් ඇති බවයි.

SHARE

You may also like