Friday, March 29, 2024

General line - 0115112241

අසේල ගහන්න කලින් ගහන ලකුණු ගාන කියලා ගිය හැටි (VIDEO)

4594

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (18) පැවැති ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ අවසන් භාගයේ සම්පූර්ණ බර පැටවී තිබුණේ මැදපෙළ පිතිකරු අසේල ගුණරත්න පිටයි.

ඔහු මෙම තරගයේදී ලකුණු 80 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරගයට පෙර කණ්ඩායමෙන් අසේලට ලැබුණු උපදෙස වුයේ "අසේල අද ඔයා 100 ක් ගහන්න ඕනේ.." ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් අසේල පැවසුවේ "නෑ..මට අද ලකුණු 100 ක් ගහන්න එන්නේ නැහැ.. මම අද නොදැවි ලකුණු 70 ක් ලබා දෙන්නම්." යනුවෙනි.

එම වීඩියෝව පහතින් දැක්වෙයි

 

SHARE

You may also like