Friday, March 29, 2024

General line - 0115112241

"උතුරට එක නීතියක් දකුණට තවත් නීතියක් බෑ "- කමල් ගුණරත්න අවධාරණය කරයි

3531

උතුරට එක නීතියකුත් දකුණට තවත් නීතියකුත්  අනවශ්‍ය බව විශ්‍රාමලත්  හමුදා ප්‍රධානියෙකු වන කමල් ගුණරත්න පවසනවා.

වියත්මග සහ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසින් පවත්වනු ලබන  දේශන මාලාවේ කුවේට් රැස්වීම අමතමින් අද (05) ඔහු මේබව සඳහන් කළා.

නව ව්‍යවස්ථාව සකසන්නේ ද සුළු ජාතීන්ගේ ගැටළු විසඳීම සඳහා බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මේ රැස්වීම සඳහා  වියත්මග කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  සහ ගෝලීය සංසදයේ ඉතාලි ශාඛාවේ සභාපති වසන්ත කීර්තිරත්න  ඇතුලු  පිරිසක් එක්ව සිටියා.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

SHARE

You may also like