Friday, April 19, 2024

General line - 0115112241

පුද්ගලයකුට මරු කැඳවූ අත්තිඩිය බැංකු කොල්ලයේ සැකකරුවන්ගේ සී.සී.ටී.වී දර්ශන මෙන්න 

3616

පෙරේදා (09) අත්තිඩිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන ඊයේ පොලිසිය මාධ්‍යයට නිකුත් කරණු ලැබුවා.

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන සේ හිස්වැසුම් පැළඳ පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට ඇතුළුවී මුදල් කොල්ලකනු ලැබුවා.

මෙහිදී බැංකුවේ ආරක්ෂක නිලධාරීන් සැකකරුවන් වැළැක්වීමට උත්සාහ ගනිද්දී ඔවුන් වෙඩිතබා පලාගියා.

මෙම අවස්ථාවේදී බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

අනෙක් නිලධාරියා බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

පුද්ගලයෙකුට මරු කැඳවූ මෙම සිද්ධියේ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ දර්ශන පොලිසිය මාධ්‍යයට නිකුත් කළේ සැකකරුවන් පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහායි.

 

 

SHARE

You may also like