Thursday, April 25, 2024

General line - 0115112241

විදුලි අර්බුදයෙන් බැටකන යුක්‍රේන වැසියන් ශීත කාලගුණයෙන් දැඩි පීඩාවට




යුක්‍රේනයේ කිව් අගනුවර නගරාධිපතිවරයා විසින් නගර වැසියන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. ඒ, අගනගරයේ විදුලි සැපයුම බිද වැටුණහොත් ඉන් ඉවත්වීමට සූදානමින් සිටින ලෙස පවසමින්.

රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ විදුලි බලාගාර හානියට පත්ව ඇති බැවින් කිව් අගනුවර අඛණ්ඩ විදුලි සැපයුම පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි. පවතින සීත කාලගුණයත් සමග අගනුවර විදුලි සැපයුම සම්පූර්ණයෙන් බිද වැටුනහොත් ජනතාව දැඩි අර්බුදයකට මුහුණ පානු ඇති බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

පවතින තත්ත්වය හමුවේ කිව් නගරයේ විදුලි සැපයුම බිදවැටුනහොත් ජනතාව රදවා තැබීම සදහා උණුසුම සහිත තාවකාලික නවාතැන් 1,000ක් පමණ කිව් බලධාරීන් විසින් ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම ආහාර හා ඉන්ධන ද කිව් බලධාරීන් විසින් ගබඩා කර ඇති අතර ඕනෑම හදිසි අවස්ථාවක් සදහා මුහුණ දීමට සූදානම් වන ලෙසයි කිව් බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.