Thursday, April 25, 2024

General line - 0115112241

යුවානුත් අර්බුදයක




අමෙරිකානු ඩොලර්යේ අගය ඉහළ යාම හා ජපන් යෙන් අගය පහළ යාම හමුවේ, යුවාන් මුදල් ඒකකයේ අගය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චීනය ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යෙන් මුදල් ඒකකය දශක තුනක කාලයකට පසුව අවම අගයක් දක්වා පහත වැටී ඇති අතර අමෙරිකාව  උද්ධමන සමග සටන් කිරීම හමුවේ මූල්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් යම් කාලයක් සඳහා ඩොලරයේ අගය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉඩ පවතින බවයි ආර්ථීක  විශ්ලේෂකයන් පවසන්නේ. 

යෙන් මුදල් ඒකකයට එරෙහිව යුවාන් මුදල් ඒකකයේ තරඟකාරිත්වය පවත්වා ගන්නේ ද නැතහොත් ඩොලර් මිල අනුව පවතින භාණ්ඩ මිල දැරිය හැකි මට්ටමක පවත්වා ගන්නේ ද යන්න චීනයේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තීරණය කළ යුතු බව එම විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා. 

කෙසේවෙතත් සිය මූල්‍ය ප්‍රතිපත්තිය පිළීබඳ තීරණ ගැනීමේදී අමෙරිකාවේ උද්ධමන තත්ත්වය සහ ඔවුන්ගේ පොලී අනුපාත පවත්වාගෙන යාම සම්බන්ධයේ අවධානය යොමු කිරීම චීනයට වඩා වැදගත් වනු ඇති බව යි එම විශ්ලේෂකයන්ගේ බහුතර මතය වී ඇත්තේ. 

කෙසේවෙතත් ජපන් යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව චීන යුවාන් මුදල් ඒකකය තවදුරටත් ශක්තිමත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.