Tuesday, April 23, 2024

General line - 0115112241

මිසයිල ආරක්ෂණයෙන් ඉන්දියාව සුපිරි පිම්මක් පනියි




කිලෝමීටර් 5,000 ක දුරක සිට එල්ල කරනු ලබන  සතුරු බැලස්ටික් මිසයිල හඳුනාගෙන විනාශ කළ හැකි තාක්ෂණය තමන් සතු බව  ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) පවසනවා.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය  අලුතින් සංවර්ධනය කරන ලද මිසයිල ආරක්ෂණ අන්තර් මර්දන වැඩසටහන දියත් කිරීමෙන් පසු මේ බව නිවේදනය කෙරුණා.

මෙහිදී හදුන්වා දුන් AD-1 මිසයිලය බැලස්ටික් මිසයිල ආරක්ෂක (BMD) පලිහෙහි 2 අදියරේ සංවර්ධන වැඩසටහනේ කොටසක් වන අතර එමගින් බැලස්ටික් මිසයිල සහ පහත් පියාසර ප්‍රහාරක ගුවන් යානා යන වර්ග දෙකම විනාශ කළ හැකි බව සදහන්. 

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ සභාපති සමීර් කමාත් පැවසුවේ ඔවුන්  මුලින් කිලෝමීටර් 2,000ක සිට එල්ල වන මිසයිල විනාශ කිරීමේ හැකියාව දියුණු කළ බවයි.

පසුගියදා සිදු කළ නවතම අත්හදාබැලීම  හරහා  කිලෝමීටර් 5,000 පරාසයේ ඕනෑම මිසයිලයක් හඳුනාගෙන විනාශ කළ හැකි බව ද ඔහු සදහන් කළා. 

මිසයිලය ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර වායුගෝලීය වන නමුත් එය අඩු වායුගෝලීය කලාපයේ ද ක්‍රියා කරන බවයි ඔහු එහිදී අනාවරණය කළේ.