Friday, April 26, 2024

General line - 0115112241

"මේ රට වහළුන් හෙලූ ලේ වලින් ගොනැගුනු රටක්" - චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල වෙයි (VIDEO)




බ්‍රිතාන්‍යයේ තෙවන චාර්ල්ස් රජු සහ ආර්යා කැමිලා පාකර් හට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රාජකීය යුවල යෝක්ෂයර්හි සංචාරක නිරතව සිටියදී එහි රැස්ව සිටි පිරිස අතරින් පුද්ගලයෙකු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බිත්තර ප්‍රහාරය එල්ල කරනු ලැබූ 23 හැවිරිදි තරුණයා "මේ රට වහළුන් හෙලූ ලේ වලින් ගොනැගුනු රටක්" යනුවෙන් හඬ නගා ඇති අතර එහි සිටි අනෙක් පිරිස දෙවියන්වහන්සේ රජුව ආරක්ෂා කෙරේවා යනුවෙන් ප්‍රකාශ කර ඇත.

චිරෝධතකරු විසින් විසින් බිත්තර 04ක් චාල්ස් රජු වෙත දමා ගසා තිබුණද රජුට හෝ ආර්යාවට එම බිත්තර වැඳී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බිත්තර ප්‍රහාරය එල්ල කරනු ලැබු පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම පහතින් නරඹන්න.