Thursday, March 28, 2024

General line - 0115112241

අප්‍රිකාවේ පරිසර විනාශය පිළිබද නවතම හෙළිදරව්වක්




චීනයේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති හරහා අප්‍රිකාවේ සංවේදී පාරිසරික කලාපවලට හානි සිදුවන බවට ද චෝදනා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසර 02 තුළ චීන බටහිර අප්‍රිකානු රටවල් සහ චීනය අතර පවතින සබදතා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවල සදහන්.

සෙනගාලය, ඝානාව, සියරාලියෝන්, ගිනියා, නයිජීරියාව, ගැම්බියාව සහ ටෝගෝ වැනි රටවල් සතු ස්වාභාවික සම්පත්වලට මෙ‍හිදී හානි සිදුවෙමින් ඇති බවටයි වාර්තා පළව ඇත්තේ.

චීනය ආරම්භ කර ඇති මත්ස්‍ය ආහාර කර්මාන්තශාලාවක් නිසා සාගරය දූෂණයට ලක්වන බවටත් ඉන් මුදා හැරෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් මසුන් මියගොස් වෙරළට ගොඩ ගසන බවත් පවසමින් ගැම්බියාවේ ඉකුත්දා විරෝධතාවයක් ද පවත්වා තිබෙනවා. 

චීනය ආරම්භ කර ඇති මත්ස්‍ය සම්පත් සංවර්ධන වැඩසටහන් හරහා සමුද්‍රීය පරිසරයට හානි සිදුවන බවට සියරා ලියෝන් රාජ්‍යයේ ධීවර ප්‍රජාව ද චෝදනා නගන බව විදෙස් වාර්තාවල සදහන්.

මීට අමතරව චීනය 2017 වසරෙ සිට 2022 වසර දක්වා අමෙරිකානු ඩොලර් 200 ක පමණ වටිනාකමින් යුත් දැව අප්‍රිකානු කලාපයෙන් ආනයනය කර ඇති බව ද නවතම වාර්තා අනාවරණ කරනවා.