Friday, March 29, 2024

General line - 0115112241

බයිඩන් මෝදි හමුවීමට යයි




ජනාධිපති ජෝ බයිඩ්න් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට අපේක්ෂාවෙන් පසුවන බව අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පවසනවා.

G20 සමුළුවට සමගාමීව එම හමුව සිදුවනු ඇතැයි අපේක්ෂිතයි. මෙවර G20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාවටයි හිමිව ඇත්තේ.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පැවසුවේ ලබන වසරක කාලය සදහා G20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාව සතු බවයි.

එබැවින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනිවාර්යයෙන් මෙවර G20 සමුළුවට සහභාගී වනු ඇතැයි ජේක් සුලිවාන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ජෝ බයිඩ්න් සහ නරේන්ද්‍ර මෝදිගේ පාලනය හමුවේ අමෙරිකාව සහ ඉන්දියාව අතර ඵලදායී හා ප්‍රායෝගික සබදතාවක් පවතින බව ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

ඒ හමුවේ දෙරටේ දෙපාර්ශවයේ ද්විපාර්ශවික සහයෝගිතාව තවත් ශක්තිමත් වෙමින් ඇති බව ද අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සදහන් කර තිබෙනවා.