Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් රැගත් නෞකාවක් සිඩ්නි වරායට




කොරෝනා ආසාදිතයින්ද සමග මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4,600 දෙනෙකුගෙන් යුත් නෞකාවක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායට ලඟා වී තිබෙනවා. එලෙස ලඟා වී ඇත්තේ මැජෙස්ටික් විල්සන් නමැති නෞකාවක්. නෞකාව පිටත්වී ඇත්තේ නවසීලන්තයේ වරායක සිටයි. 

නෞකාවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට හදුනාගැනීමත් සමග එය සිඩ්නි වෙත ලඟාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එම වාර්තාවලට අනුව නෞකාවේ සිටින සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස සැලකෙනවා. 

ඒ අනුව නෞකාවේ සිටින 800 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයින් ලෙස මේ වන විටත් තහවුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. එලෙස හදුනාගෙන ඇති ආසාදිතයින් නෞකාව තුළම නිරෝධානයට යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේවෙතත් නෞකාවේ තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව එය මෙල්බර්න් වෙත යොමු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාව වෙත එලෙස කොරෝනා ආසාදිතයින් රැගත් නෞකාවක් ලඟාවී ඇත්තේ එරටින්ද දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති පසුබිමක් තුළයි. 

ඊයෙන් අවසන් වූ ගත වූ දින 7 තුළදී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 19,800දෙනෙකු හදුනාගෙන තිබෙනවා.