Wednesday, April 24, 2024

General line - 0115112241

සූර්ය බලශක්තිය හරහා ඉන්දියාව ඩොලර් බිලියන 4.2 ක් ඉතිරි කරයි




2022 පළමුභාගයේදී සූර්ය බලශක්ති උත්පාදනය හරහා ඉන්දියාව ඩොලර් බිලියන 4.2 ක ඉන්ධන පිරිවැයක් ඉතිරි කරගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් වසරේ පළමු භාගයේදී අමතර ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 19.4 ක ආනයනය කිරීම  වළක්වා ඇති බව ද සදහන්.

2022 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, වියට්නාමය, පිලිපීනය සහ තායිලන්තය යන ආසියානු රටවල් හතක සූර්ය බලශක්ති උත්පාදනයේ දායකත්වය නිසා දළ වශයෙන් ඩොලර් බිලියන 34 ක පොසිල ඉන්ධන වෙනුවෙන් වැයවන පිරිවැය වළක්වා ඇති බවයි අන්තර්ජාතික බලශක්ති භාවිතය පිළිබද පර්යේෂණයක දී හෙළිවී ඇත්තේ.

සමාලෝචනය කරන ලද කාලසීමාව තුළ ඩොලර් බිලියන 4.2 ක ඉන්ධන පිරිවැයක් ඉතිරි කර ගැනීමට සූර්ය බලශක්තිය හේතුවෙන් ඉන්දියාව සමත් වී ඇති අතර එය එරට බලශක්ති භාවිතයේ සුවිශේෂී තත්වයක් බව අදාළ පර්යේෂණ වාර්තාවේ සදහන්.