Wednesday, April 24, 2024

General line - 0115112241

රුසියානු මිසයිලයක් පෝලන්තයට කඩා වැටේ




රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට කඩා වැටී තිබෙනවා. පෝලන්ත විදේශ අමාත්‍යංශය පැවසුවේ එම මිසයිලය ප්‍රෙස්වෝඩෝ ගම්මානයට පතිත වූ බවයි.

ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද එරට විදේශ අමාත්‍යංශය පවසනවා. සිය රටට මිසයිලයක් කඩාවැටීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා පෝලන්තය විසින් එරට සිටින රුසියානු තානාපතිවරයා ක්‍ෂණිකව කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණවී නැහැ. ප්‍රෙස්වෝඩෝ නගරය පිහිටා ඇත්තේ යුක්‍රේනය සමඟ පෝලන්තයේ මායිමේ සහ ලිවිව් නගරයට උතුරින් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.