Thursday, March 28, 2024

General line - 0115112241

සම්ප්‍රදායට අභියෝග කරමින් ට්‍රම්ප් යළි ජනාධිපතිවරණ සටනට




තමන් 2024 දී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමින් පසුවන බව එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද නිවේදනය කළා. ඒ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි ඔහුට අයත් සුප්‍රකට නිවාඩු නිකේතනයක සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදි ඔහු වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පළමු දෙවසරක ධූර කාලයට ද අභියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අමෙරිකාවේ නැවත පැමිණීම දැන් ආරම්භ වී ඇති බව ද ඩොනල්ඩ් ට්‍රප්ම් එහිදි සදහන් කර තිබෙනවා. 

මේ අතර ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සාමාජිකයින් විසින් 76 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාගේ 2024 ජනාධිපතිවරණයට අදාල ලියකියවිලි මේවනවිටත් අමෙරිකානු ෆෙඩරල් මැතිවරණ කොමිසමට භාරදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අමෙරිකානු ජනාධිපතිවරණ සටනට පිවිසීම එරට දේශපාලන සම්ප්‍රදායට අභියෝග කිරීමක් ලෙසයි ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ. ඊට හේතුව වන්නේ අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් මැතිවරණයක් පරාජය වී ධූරය අතහැරිය පසු යළි ජනාධිපතිවරණ සටනට පිවිසීම අතිශය දුර්ලභ සිදුවීමක් වීම හේතුවෙන්.