Thursday, April 25, 2024

General line - 0115112241

ත්‍රස්තවාදීන්ගේ කෝටි ගණනක වත්කම් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට




ඉන්දියාවේ , ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ ෂොපියන්හි තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන ජමාත්-ඊ-ඉස්ලාම් සංවිධානයට අයත් රුපියල් කෝටි 2.58 කට අධික විශාල වත්කම් තොගයක් සොයා ගැනීමට ඉන්දීය රාජ්‍ය විමර්ශන ඒජන්සිය (SIA) සමත් වී තිබෙනවා.

ඒ පිලිබදව ෂොපියන් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දීමෙන් පසු ස්ථාන නවයක දේපල මුද්‍රා තබා ඇති බව ද සදහන්. 

ඉන්දියාවේ 1967 නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළක්වීමේ) පනතේ 8 වැනි වගන්තිය මගින් ලබා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමේ පරිපාලන නියෝග මත මෙම දේපළ මුද්‍රා තැබීම සිදුකර ඇති අතර ඒ අනුව අදාළ දේපළ භාවිතය සහ ඊට ඇතුල්වීම සීමා කර මුද්‍රා තබා තිබෙනවා. 

රාජ්‍ය විමර්ශන ඒජන්සිය විසින් ජම්මු සහ කාශ්මීරයේ  ජමාත්-ඊ-ඉස්ලාම් සංවිධානයට අයත් දේපල 188ක් පමණ හඳුනාගෙන ඇති අතර ඒවා සම්බන්ධයෙන් ඉදිරියේ දී පුලුල් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.