Monday, May 20, 2024

General line - 0115112241

වසන්ත මුදලිගේගෙන් ප්‍රකාශ ගන්න පොලීසියට අවසර




රැඳවුම් නියෝග යටතේ රදවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොමිපඤ්ඤවීදිය පොලීසියට අද අවසර ලබාදුන්නා. ඒ, පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පොලීසිය අධිකරණයට දන්වා සිටියේ පසුගිය අගෝස්තු මස 19 වනදා සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස නම් කිරීමට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රදවා සිටින ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලීසියට අධිකරණයෙන් අවසර හිමිවුණා.