Thursday, April 25, 2024

General line - 0115112241

දෙපැත්තට වෙඩි තබා ගැනීමෙන් පසු පකිස්තාන ඇෆ්ගනිස්තාන දේශසීමාව වසයි




පාකිස්තාන ආරක්ෂක නිලධාරීන්ට ඇෆ්ගන් පාර්ශවයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් සොල්දාදුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීමෙන් පසු චමන් හි පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමා දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

සිද්ධියෙන් පසු පැයකට වැඩි කාලයක් පකිස්තාන සහ ඇෆ්ගන් හමුදා වෙඩි හුවමාරු කරගත් බවත්, වෙඩි හුවමාරුවේදී ඇෆ්ගන් පාර්ශවයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සදහන්

සිද්ධියෙන් පසුව දේශසීමා වසා දැමීමත් සමග දෙරට අතර  සංක්‍රමණ සහ වෙළඳාම අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

චමන් නියෝජ්‍ය කොමසාරිස් අබ්දුල් හමීඩ් සෙහ්රි දින නියමයක් නොමැතිව දේශසීමා වසා දැමීම තහවුරු කරමින් පවසා ඇත්තේ ඇෆ්ගන් දේශසීමාවේ සිට මිත්‍රත්ව දොරටුව අසලදී පාකිස්තාන ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් එක් සොල්දාදුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි.