Monday, May 20, 2024

General line - 0115112241

මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති සහන් අකලංකගේ ප්‍රධානීන් දෙදෙනෙකු CID අත්අඩංගුවට




මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති සහන් අකලංක නැමැත්තාගේ ආයතනයේ අධ්‍යක්ෂවරු ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සහන් අකලංක නැමැත්තා පුද්ගලයින් රැසකගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කර ඇති බවටයි පැවසෙන්නේ.

ඔහුගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා කිහිපයකදී තොරතුරු අනාවරණ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ පරීක්ෂණ සක්‍රීය ලෙස දියත් කෙරුණේ බැලුම්ගල අනාවරණයෙන් පසුවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.