Thursday, April 25, 2024

General line - 0115112241

08 වසරකට පෙර සිදුවූ ගුවන් යානයක් බිමහෙළු තිදෙනෙකුට සිර දඬුවම් නියම වෙයි




2014 වසරේදී නැගෙනහිර යුක්‍රේන ගුවන් සීමාවේදී මිසයිල ප්‍රහාරයක් එල්ලකර මගී ගුවන් යානයක් බිමහෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් වැරදිකරුවන් බවට නෙදර්ලන්ත අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමටයි විනිසුරුවරුන් තීරණය කර ඇත්තේ. මෙලෙස දඬුවම් හිමිව ඇත්තේ රුසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ යුක්‍රේන ජාතිකයෙකුටයි. 

මෙම සිද්ධියෙන් ගුවන් මගීන් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතරට ළමුන් 80 ක්ද අයත්. රුසියානු සහාය ලැබූ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින්, රුසියාව විසින් සැපයූ මිසයිලයක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

එහිදී කඩා වැටුණේ MH- 17 වර්ගයේ ගුවන් යානයක්. මෙම මිසයිල ප්‍රහාරය යුක්‍රේනයේ සිදුවූ දරුණතම යුධ අපරාධවලින් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.