Friday, March 29, 2024

General line - 0115112241

මාධ්‍යවේදියෙකු ඝාතන නඩුවෙන් සෞදියේ කුමරු නිදහස්




සෞදියේ කිරුල හිමි මොහොමඩ් සල්මාන් කුමරු ප්‍රධාන චූදිතයෙකු වූ සෞදියේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ නඩුවෙන් නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ, සෞදියේ අගමැති ලෙස ඔහුගේ තනතුර සැලකිල්ලට ගනිමින්. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමෙරිකානු බුද්ධි අංශය කියා ඇත්තේ මොහොමඩ් කුමරු මෙම ඝාතනයට අණ දුන් බවට අමෙරිකානු බුද්ධි අංශ විශ්වාස නොකරන බවයි. 

ජමාල් කෂෝගි මාධ්‍යවේදියා 2018 වර්ෂයේ ඔක්තෝම්බර් 2 වැනිදා ඝාතනය කෙරුණේ ඉස්තාන්බුල්හී කොන්සල් කාර්යාලයේදීයි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් සල්මාන් කුමරු ඇතුළු පාර්ශ්ව කිහිපයකට චෝදනා එල්ල කරමින් ජමාල් කෂෝගිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් එම නඩුව ගොනු කර තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකානු අධිකරණයෙන් ලැබුණු තීන්දුවත් සමග ජමාල් නැවතත් මිය ගියේ යැයි හැටිස් සෙන්ගිස් සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.