Friday, April 19, 2024

General line - 0115112241

මැලේසියානු මහමැතිවරණයෙන් මහතීර් මොහොමඩ්ට පාර්ලිමේන්තු අසුනත් අහිමි වේ




මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිපල මේවනවිට නිකුත් වි තිබෙනවා. ඒ අනුව එරට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රධානත්වයෙන් යුත් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. පාර්ලිමේන්තු ආසන 222 න් ආසන 88 ක් විපක්ෂයට හිමිව තිබෙනවා. 

මේ අතර විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර මහ මැතිවරණයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් දරුණු පරාජයක් ලබා ඇති බවයි.

ඒ අනුව ඔහු සිය පාර්ලිමේන්තු අසුන හෝ ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මෙලෙස මැතිවරණයක් පරාජයට පත්වී ඇත්තේ වසර 53 කට පමණ පසුව වීම විශේෂත්වයක්.