Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට




ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 56 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සිද්ධියෙන් හත්සීයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි බටහිර ජාවාහී ආණ්ඩුකාර රිඩ්වාන් කමිල් ප්‍රකාශ කර ඇත්තේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව බටහිර ජාවාහී සියෝන් නගරය ආසන්නයේ ඇති වූ එම භූමි කම්පාව රික්ටර් මාපක 5යි දශම 6ක අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම භූමිකම්පාව හේතුවෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවත් වාර්තා වන මරණ ගණනද තවදුරටත් ඉහළ යා හැකි බවත් ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.