Saturday, April 20, 2024

General line - 0115112241

සරසවි සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම්




යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
 
එම විශ්වවිද්‍යාල පාලක සභාව පැවසූවේ කළමනාකරණ පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා නවක සිසුන් දෙපිරිසක් අතර ඉකුත් 21 වනදා මෙම ගැටුම සිදු වී ඇති බවයි.

එම සිසුන් සිව්දෙනාගේ පන්ති තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක අතර ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සිසුන් වෙත දඩුවම් පැනවීමට කටයුතු කරන බවයි යාපනය විශ්වවිද්‍යාල පාලක සභාව වැඩිදුරටත් පැවසුවේ.