Thursday, April 18, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාර නඩුව විභාගයට දින නියම වෙයි




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 4 වනදා 05 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කලා.

මෙම නඩුව අද දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
 
එහිදී පැමිණිල්ලේ සහ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය ජනවාරි මස 04 වනදා 05 වනදා පවත්වන බව නියෝග කළා.
 
එදින විත්තිකරුවන්ට අදාළ චෝදනා කියවා දීම සිදු කරන බවත් අධිකරණය දැනුම් දුන්නා.
 
එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා පැමිණිල්ලේ සාක්ෂි කරුවන් වශයෙන් නම් කර සිටින මහාචාර්ය රොහාන් ගුණරත්න සහ සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන මහත්වරුන් වෙත අධිකරණය සිතාසි නිකුත් කළා.
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.