Saturday, June 10, 2023

General line - 0115112241

ව්‍යාජ ලෙස ඕමානයට යාමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට (VIDEO)




ලියාපදිංචි මුද්දර ව්‍යාජ ලෙස යොදා ගනිමින් විදෙස් ගතවීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා රැකියා සදහා විදෙස්ගත වන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදෙස් ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය එලෙස ව්‍යාජ ලෙස යොදා තිබූ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

එලෙස ඕමානය වෙත යාමට තැත් කර ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා.