Thursday, April 18, 2024

General line - 0115112241

රට යන වෘත්තිකයින්ගේ හිඩස හමුදාවෙන් පුරවන්න සැලසුම්




අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණ කළා. එවැනි පුද්ගලයින් කවුරුන්දැයි මේ වන විටත් හඳුනාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පුලුල් විමර්ශණ ක්‍රියාත්මක බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී පැවසුවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම්ද අරගලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. 

මේ අතර රටින් පිටව යන වෘත්තීයවේදීන්ගේ හිඩස විශ්‍රාම යන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් පිරවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විශ්‍රාම යන කාලසීමාව අඩු කළේද ඒ හේතුවෙන් බවයි.

අයවැය කාරකසභා අවස්ථා විවාදයේ තුන්වන දිනය වන අද විදුලිබල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.