Thursday, April 25, 2024

General line - 0115112241

රටට සල්ලි ලැබෙන තෙක් ආනයන සීමා අඛණ්ඩව




රටට ප්‍රමාණවත් මුදලක් ලැබෙන තෙක් ආනයන තහනම ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. කෙසේවෙතත් දැනටමත් මීට පෙර ආනයන තහනම් පැනවූ භාණ්ඩවලින් කිහිපයක ආනයන තහනම ඉවත් කර ඇති බවයි ඔහු පැවසුවේ. 

මහබැංකු අධිපතිවරයා සදහන් කළේ එළඹෙන උත්සවය සමය සලකා විශේෂ ආනයන සහනයක් ලබා දීමට මේ මොහොතේ ඇති හැකියාව අවම බවයි. 

ඉකුත් බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි ශීතකරණ, වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ තිරිංග පෑඩ් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කර තිබෙනවා.